25th February 2026 16:13:37 Hours
3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවය කරන කෝප්‍රල් එන්.පී.ඒ.පී ධර්මසිරිගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් වෛද්‍ය මූල්‍ය ආධාරයක් පිරිනමන ලදී.
රුපියල් 50,000.00 යුත් මෙම මූල්‍ය පරිත්‍යාගය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මස 20 වන දින 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මූලස්ථානයේදී පිරිනමන ලදී.
මීට අමතරව, පවුලේ අවශ්‍යතාව සඳහා වියළි සලාක පාර්සල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද මෙහිදී පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.