Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th February 2026 07:52:04 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පාන්ගොල්ල ‘අභිමංසල III’ සුවතා නිකේතනයේ නිල සංචාරයක

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දමයන්ති බණ්ඩාරනායක මහත්මිය සහ එහි සාමාජිකාවන් පිරිසක් 2026 පෙබරවාරි මස 18 වන දින පාන්ගොල්ල, ‘අභිමන්සල III’ සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත වූහ.

සංචාරය අතරතුරදී, එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙත ත්‍යාග බෙදාදුන් අතර, ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා සංගීත විනෝදාස්වාද වැඩසටහනක්ද පවත්වා පසුව දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය. වැඩසටහන අවසානයේදී සභාපතිනිය විසින් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක්ද තැබීය.

මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක USP, විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.