25th February 2026 07:48:20 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී යමුනා අබේකෝන් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් 2026 පෙබරවාරි මස 21 වන දින ‘අපේ ළමයි’ ළමා නිවාසයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
එහිදී, ළමුන් 50 දෙනෙකු සඳහා නිල ඇඳුම් ලබා දුන් අතර, රසකැවිලි පාර්සලයක්ද ලබා දෙන ලදී. එමෙන්ම දිවා භෝජන සංග්‍රහයක් සහ කැලිප්සෝ සංගීත විනෝදාස්වාද සැසියක් ද පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.