25th February 2026 07:40:19 Hours
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වින්ධ්‍යා කුමාරිහාමි වෙලේනාවැව මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 පෙබරවාරි මස 20 වන දින මඩවල, වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 22 දෙනෙකුට දිවා ආහාරය ලබාදෙන ලදී.
මෙම වැඩසටහන සඳහා එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.