25th February 2026 07:36:23 Hours
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පිරිස් සඳහා වියලි සලාක පාර්සල් පරිත්යාග කිරීමේ වැඩසටහනක් ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 පෙබරවාරි මස 16 වන දින සිදුකරන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිර්මලී විජේකෝන් මහත්මිය සහ ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.
එහිදී, එම බලකා සේවා වනිතා ශාඛාවේ මූල්යමය දායකත්වයෙන් විපතට පත් පුද්ගලයින් 12 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් 12 ක් බෙදා දුන් අතර, එම කටයුතු 1 වන ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය විසින් සම්බන්ධීකරණය කරන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.