19th February 2026 16:15:30 Hours
ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී උදාරි අනුපමා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්, 2026 පෙබරවාරි මස 14 වන දින තබ්බෝව ශ්‍රී විජයරාජ විහාරස්ථානයේදී අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අක්‍ෂි සායනයක් සහ ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන උපුල් සමරසේකර මහතා විසින් අනුග්‍රාහකත්වය දක්වන ලද අතර, Vision Care Opticals පුද්ගලික සමාගමේ සභාපති දසන්ත ෆොන්සේකා මහතා විසින් තාක්‍ෂණික සහාය ලබා දෙන ලදී.
එහිදී, අක්‍ෂි පරීක්‍ෂාවන් සිදුකර සිවිල් වැසියන් 260 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.