19th February 2026 15:12:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 5 වන දින මහරගම, අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ RWP RSP USP rcds psc ගේ මඟ පෙන්වීම යටතේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සචේතා හේවගේ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.
එහිදී, රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රු. 300,000.00 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කරන ලදී.
එම වැඩසටහනට සමගාමීව, දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන සේවයේ නියුතු කාන්තා සෙබළියකගේ සමීප ඥාතියෙකුට මෙන්ම කාන්තා සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකාවකට මූල්‍යමය ප්‍රධානයන් ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ