18th February 2026 16:51:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව, 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය සමඟ එක්ව, 2026 පෙබරවාරි 14 වන දින එම ඒකක පරිශ්‍රයේදී ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිලංගනී සමරදිවාකර මහත්මිය සහභාගී වූවාය.
මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.