Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th February 2026 16:54:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා සේවා වනිතා ශාඛාව පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා සේවා වනිතා ශාඛාව 2026 පෙබරවාරි මස 05 දින ශ්‍රී 2 ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

සාමය, සෞභාග්‍යය මෙන්ම සියලුම නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශීර්වාද පතා රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවැත්වූ ආගමික වතාවත්වලින් එදින වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

ඉන් අනතුරුව, සෙසු නිලයන්ගේ සහ සිවිල් සේවක පවුල්වල දරුවන් 21 දෙනෙකු අතර පාසල් උපකරණ බෙදා දෙන ලදී. මීට අමතරව, "දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් 5 දෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග පිරිනැමූ අතර, ගර්භණී මව්වරුන් දෙදෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමෙන් පසු තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන්. විජේකෝන් ndc AATO සමඟින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිර්මලී විජේකෝන් මහත්මිය සහභාගී වූහ.