11th February 2026 06:14:19 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 2026 පෙබරවාරි මස 05 වන දින දොම්පේ, මූලික රෝහලේදී වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
එහිදී, එම ඒකකය විසින් රෝහලේ ප්‍රයෝජනය සඳහා රෝද පුටුවක්, Piston Compressor Nebulizer - 01, Oxygen Regulator - 02, Oxygen Concentrator – 01, ඇඳ ඇතිරිලි සහ කොට්ට පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට වෛද්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.