Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th February 2026 06:12:34 Hours

78 වන නිදහස් දින පෙළපාළියට සහභාගී වූවන් වෙත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් සංග්‍රහයක්

2026 ජනවාරි මස 31 දින සිට පෙබරවාරි මස 03 වන දක්වා පැවති 78 වන නිදහස් දින පෙළපාළියේ පෙරහුරුවන් සඳහා සහභාගී වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් Fonterra Brands Lanka (පුද්ගලික) සමාගම සහ Nestlé Lanka (පුද්ගලික) සමාගම සමඟ එක්ව සංග්‍රහයක් පිරිනමන ලදී.

එහිදී සහභාගිවූවන් දිරිගැන්වීමක් ලෙස, Newdale කිරි පැකට්, milkshake බෝතල් සහ Nestamalt ආදී පාන වර්ග වර්ග 5,000 ක් පමණ පෙරහුරු කාලය තුල බෙදා දෙනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.