10th February 2026 11:34:30 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිල්රුක්‍ෂි මැදගොඩ මහත්මිය එක්ව 2026 පෙබරවාරි මස 08 වන දින රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුවදුක් විමසීමේ නිල සංචාරයක නිරත වූහ.
එහිදී, එම පවුල් වෙත රුපියල් 7,500.00 බැගින් වටිනා අත්‍යවශ්‍ය වියළි සලාක පාර්සල් ප්‍රදානය කරනු ලැබීය.
එමෙන්ම, සන්නද්ධ බුද්ධි බලකා ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින්ද තම බල ප්‍රදේශ තුළ රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයන් වෙත රුපියල් 7,500.00 බැගින් වටිනා වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.