09th February 2026 12:01:51 Hours
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පොත් සහ වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 31 වන දින පවත්වන ලදී.
එහිදී, එම බලකා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරුවන් 1,072 දෙනෙකු වෙත රුපියල් මිලියන 2.5 ක් වටිනා පොත් බෙදා දෙනු ලැබීය.
අනතුරුව, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට එම බලකා සාමාජිකයන් වෙනුවෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් වෙන් කළ වියළි ආහාර සලාක පාර්සල් සංකේතාත්මකව අදාළ ඒකකයන්හි අණදෙන නිලධාරීන් වෙත ලබා දෙන ලදී.
මෙම වැඩසටහන ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ෂිහානි අබේවර්ධන මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ. අබේවර්ධන WWV RWP RSP ndc ගේ උපදෙස් මත සිදු කරන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් සේවක මහතුන් සහ ළමුන් සහභාගී වූහ.