Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th February 2026 16:25:45 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් රෝහල් ඇඳන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව විසින් 2026 පෙබරවාරි මස 01 වන දින දඹදෙණිය මූලික රෝහලේ පිරිමි ශල්‍ය රෝගී වාට්ටුව වෙත අත්‍යවශ්‍ය රෝහල් ඇඳන් 20 ක් පරිත්‍යාග කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මහත්මිය එක්ව දඹදෙණිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අමිල මධුරගොඩ වෙත එම රෝහල් ඇඳන් භාර දෙන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා එම බලමුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.