Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th February 2026 16:28:00 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් වෛද්‍ය සහ අක්‍ෂි සායන වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාව, දිස්ත්‍රික් 306 D 6, කොලොන්නාව සිංහ සමාජයෙහි අනුග්‍රාහයකත්වයෙන් 2026 පෙබරවාරි මස 01 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී වෛද්‍ය සහ අක්‍ෂි සායන වැඩසටහනක් පවත්වන ලදී.

එම වැඩසටහනේදී ප්‍රතිලාභීන් 320 ගේ පමණ රුධිර සහ අක්‍ෂි පරීක්‍ෂාව සිදුකිරීම, ඇස් කණ්ණාඩි බෙදා දීම සහ මූලික වෛද්‍ය පරීක්‍ෂණ සිදුකිරීම ආදී වෛද්‍ය සේවාවන් සපයනු ලැබුණි. එමෙන්ම, සහභාගීවූවන් වෙත අඹ පැළ බෙදා දෙන ලද අතර, පසුව තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී කුමාරි පල්ලෙකුඹුර මහත්මිය සහ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කොළොන්නාව සිංහ සමාජයේ නියෝජිතයින්, සෙසුනිලයන්, විශ්‍රාමික රණවිරුවන්, සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.