03rd February 2026 14:55:09 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රයෝජනය සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 28 වන දින එම රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.
එහිදී, රෝහලේ භාවිතය සඳහා පාරජම්බුල කිරණ භාවිතා කරමින් විෂබීජහරණය කරන විශාල ජංගම ඒකකයක් පරිත්‍යාග කරන ලද අතර, එය එම විශ්වවිද්‍යාලයීය රෝහලේ ශල්‍යකර්ම පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්දන ආර්. කරුණාතිලක වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.