Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th January 2026 12:09:37 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව සිදුකරන ආපදා සහන වැඩසටහනේ තුන්වන අදියර පවත්වයි

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූ ගැමුණු හේවා බලකායේ රාජකාරියෙහි නියුතු හමුදා සාමාජිකයන්ට සහන ලබාදීමේ වැඩසටහනේ තුන්වන අදියර ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 20 වන දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබූ අතර, එහිදී ඔවුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙන ලදී.

එහිදී, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් 212 දෙනෙකු අතර බෙදා දීම සඳහා වියලි ආහාර සලාක පාර්සල් ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් අදාළ ඒකක අණදෙන නිලධාරීන් වෙත ලබාදෙන ලදී.

මෙම වැඩසටහන ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ෂිහානි අබේවර්ධන මහත්මියගේ මඟ පෙන්වීම සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.