30th January 2026 12:14:31 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් ආරම්භ කරනු ලැබූ ඕකිඩ් පැල වගාව 2026 ජනවාරි මස 23 වන දින විවෘත කරන ලදී.
නවතමයෙන් ආරම්භ කරන ලද මෙම ඕකිඩ් වගාවෙහි ඕකිඩ් පැල 2,000 ක් පමණ අඩංගු වන අතර එමඟින් මාස තුනක් ඇතුළත ආදායම් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. එම බලකා සේවා වනිතා ශාඛාවේ අනාගත සුභසාධන කටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරනු ලැබීය.
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිල්රුක්ෂි මැදගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම උත්සව අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.