30th January 2026 12:16:46 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ 33 වන සංවත්සරය 2026 ජනවාරි මස 24 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එම දිනයට සමගාමීව, රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරුවන්ට ගෞරවාචාර පුදකිරීමේ රණවිරු සැමරුම් උත්සවයක්ද පවත්වනු ලැබීය.
එම උත්සවයේදී, යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් රට වෙනුවෙන් දිවිපිදූ එම රණවිරුවන්ගේ පවුල් වෙත රු. 7,500 ක් වටිනා වවුචර්පත් ප්‍රදානය කරන ලදී.
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිල්රුක්ෂි මැදගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම උත්සව අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.