30th January 2026 12:18:23 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මඟ පෙන්වීම යටතේ පියයුරු පිළිකා වැළැක්වීම, කල් ඇතිව හඳුනා ගැනීම සහ ඒ සඳහා සුදුසු වෛද්‍ය ප්‍රථිකාර ලබාගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන ඉන්දිරා පිළිකා භාරය විසින් මෙහෙයවන ලද අතර, එහිදී සහභාගී වූවන්ට පියයුරු පිළිකා අවදානම අවම කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීම් හඳුනා ගැනීම, එහි අවදානම් අවබෝධ කර දීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳ විශේෂඥ මග පෙන්වීමක් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිර්මලීන් විජේකෝන් මහත්මිය, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.