Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2026 18:14:01 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාව රාගම, රණවිරු සෙවන සුවතා නිතේකනයේ නිල සංචාරයක

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2026 ජනවාරි මස 29 වන දින රාගම, රණවිරු සෙවන සුවතා නිතේකනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් බැලීමේ නිල සංචාරයක නිරත විය.

එහිදී, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු පාර්සල්, මුද්‍රණ යන්ත්‍රයක් සහ ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ට සහ ඔවුන්ගේ සහායකයින් සඳහා තේ පැන් සංග්‍රහයක්ද පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමා හෙට්ටිගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.