29th January 2026 15:41:38 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මඟ පෙන්වීම යටතේ, 2026 ජනවාරි මස අනුරාධපුර, ඉපලෝගම, ගාල්ල, දියතලාව, පල්ලෙකැලේ, මින්නේරිය, පනාගොඩ සහ මැනිං ටවුන් යන ප්රදේශවල ස්ථාපිත විරු කැකුළු පෙර පාසල් 2026 තෛපොංගල් උත්සවය අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
එහිදී පෙර පාසල් දරුවන් වෙත ගුරුවරියන් විසින් තෛපොංගල් උත්සවයේ වැදගත්කම හඳුන්වා දෙමින් කෘෂිකර්මාන්තයේ වටිනාකම, කෘතවේදීත්වය සහ සොබාදහමට ගරු කිරීම යන කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදෙන ලදී.
සැමරුම් උත්සවයන්හිදී එම දරුවන් විසින් කෝලම් චිත්ර ඇඳීම, චාරිත්රානුකූලව කිරි ඉතිරවීම, පොංගල් බත් පිසීම, සංස්කෘතික නැටුම් සහ සූර්ය නමස්කාරය යන අංගයන් සිදුකරන ලදී. මෙම ක්රියාකාරකම් මඟින් තරුණ පරපුර අතර සංස්කෘතික දැනුවත්භාවය, එකමුතුකම සහ විවිධත්වය අගය කිරීමේ ගුණාංග වර්ධනය කරනු ලැබීය.