29th January 2026 09:44:40 Hours
ශ්‍රී ලංකා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී පී.එන්.කේ. ද සිල්වා මහත්මියගේ උපදෙස් මත, එම බලකා සේවා වනිතා ශාඛාව 306 D2 කළුබෝවිල, ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ එක්ව 2026 ජනවාරි මස 24 වන දින නාවින්න, ඉසිපතනාරාම විහාරස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායකගේ සහ මධ්‍යස්ථාන සේනාවිධායකගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද අතර, එහිදී පරිත්‍යාග කරන ලද රුධිරය මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදෙන ලදී.