29th January 2026 09:46:47 Hours
ඉංජිනේරු සේවා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 17 වන සභාපතිනිය ලෙස අරුණි චන්ද්‍රසේකර මහත්මිය 2026 ජනවාරි මස 19 වන දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය. එම ධූරයේ රාජකාරින් භාර ගැනීමට පෙර අරුණි චන්ද්‍රසේකර මහත්මිය විසින් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ භාණ්ඩාගාරික, ලේකම් සහ උප සභාපතිනිය යන තනතුරු හොඹවන ලදී.
කාර්යාල වෙත පැමිණි නව සභාපතිනිය එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරිනිය විසින් පිළිගත් අතර, අනතුරුව ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී. මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.කේ.එස් රංගික psc ptsc සහ ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එස්.ඩී පෙරේරා USP ptsc සහභාගී වූහ.
අනතුරුව, නව සභාපතිනිය සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.