Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th January 2026 09:42:49 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් උඩුපිල ප්‍රාදේශීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද සුභසාධන වැඩසටහන්වල තවත් අදියරක් ලෙස, සිවිල් ජනතාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් 2026 ජනවාරි මස 27 වන දින දෙල්ගොඩ, උඩුපිල ප්‍රාදේශීය රෝහලේදී වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අඛණ්ඩ ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි දායකත්වය විදහා දක්වමින් එම සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන කරනු ලැබීය. මෙම අවස්ථාවට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය දිගකේගා පෙරේරා සහ එම රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.

එහිදී එම රෝහලේ ශ්වසන රෝගීන් සඳහා මෙට්ටයක් සහිත රෝහල් ඇඳක්, රෝගීන්ගේ දෛනික ප්‍රතිකාර අවශ්‍යතා සපුරාලීම සඳහා වැඩිහිටි ඩයපර් සහ ඇඳ ඇතිරිලිද පරිත්‍යාග කරන ලදී.

පසුව, රෝහලේ භාවිතය සඳහා විශ්ව විද්‍යාල රෝහලේ ශල්‍යකර්ම පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්දන ආර්. කරුණාතිලක මහතා වෙත පාරජම්බුල කිරණ භාවිතා කරමින් විෂබීජහරණය කරන විශාල ජංගම ඒකකයක් භාර දෙන ලදී.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් - සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.