Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th January 2026 08:58:36 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සාමාජිකයන් දෙදෙනෙකු සඳහා මුළුතැන්ගෙයි උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 24 වන දින පවත්වන ලදී. දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී නදීෂා උයන්ගොඩගේ මහත්මිය විසින් මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිර්මලීන් විජේකෝන් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.