Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th January 2026 09:01:06 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මානසික සෞඛ්‍ය දේශනයක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 23 වන දින සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී මානසික සෞඛ්‍යය පිළිබඳ දේශනයක් සංවිධානය කල අතර, එම දේශනය සායනික මනෝවිද්‍යාඥ විශ්මිකා ද සිල්වා මහත්මිය විසින් පවත්වන ලදී.

මෙම දේශනය මගින් මානසිකව දරාගැනීමේ හැකියාව, ආතති කළමනාකරණය, වෘත්තීය හා පෞද්ගලික ජීවිතය අතර සමබරතාවය සහ හමුදා ජීවිතයට ගැලපෙන සෞඛ්‍ය සම්පන්නව මුහුණ දීමේ උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කළ අතර, 200 කට අධික පිරිසක් සෘජුවම සහ මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සහභාගී වූහ. එහිදී ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වනු ලැබීය.