Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th January 2026 08:52:42 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව විසින් එම සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වය ඇතිව 2 වන (ස්වේච්ඡා) පාබල හමුදා භටපිරිස්හි ශ්‍රම දායකත්වය ඇතිව එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත නිවසක් ඉදිකර ලබාදෙන ලදී.

නව නිවස ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දර්ශනී යහම්පත් මහත්මිය විසින් එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි වෙත 2026 ජනවාරි මස 21 වන දින භාර දෙන ලදී. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, 2 වන (ස්වේච්ඡා) පාබල හමුදාවේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.