27th January 2026 14:19:41 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් එම බලකායේ සාමාජිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයක් 2026 ජනවාරි මස 15 වන දින අනුරාධපුර, 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කඳවරු පරිශ්‍රයේදී පවත්වන ලදී.
එම වැඩසටහනේදී, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වලාභීන් 32 දෙදෙනෙකු වෙත පාසල් බෑග්, පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය සමඟින් රුපියල් 10,000 ක්ද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘A’ සාමාර්ථ නවයක් ලබාගත් සිසුන් දෙදෙනෙකු වෙත රුපියල් 20,000 බැගින් අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු USP Hdmc psc, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.