Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd January 2026 11:19:04 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 2026 වසර පළමු කාර්තුව සඳහා වූ කමිටු රැස්වීම යුද්ධ හමුදා මූලස්ථානයේදී

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 2026 වසර පළමු කාර්තුව සඳහා වූ කමිටු රැස්වීම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විය.

රැස්වීම ආරම්භ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් දර්ශනී යහම්පත් මහත්මිය විසින් පසුගිය සභා රැස්වීමේ වාර්ථාව ඉදිරිපත් කළ අතර, විගණන වාර්තාව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික මේජර් ඒ.එස්.එන් හතුරුසිංහ විසින් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් හඳුන්වා දුන් නව සුබසාධන ව්‍යාපෘති පිළිබඳවත්, වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන වැඩසටහන් වඩාත් ඵලදායී අයුරින් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳවත් කරුණු පැහැදිලි කරන ලදී.

එහිදී, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින්, නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධාන ගිණුමෙන් රෙජිමේන්තු සේවා වනිතා ශාඛා වෙත එක් වරකට පමණක් සීමා වන පරිදි රු. 500,000.00 ක පොලී රහිත ණයක් ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, විශේෂ බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සඳහා රුපියල් 500,000.00 බැගින් වූ රුපියල් 1,500,000.00 ක ණය මුදලක් වෙන් වෙන් වශයෙන් ප්‍රදානය කරන ලදී. එම චෙක්පත් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් අදාළ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවල සභාපතිනියන් වෙත ප්‍රදානය කරන ලදී.

තවද, නිවාස අධාර ව්‍යාපෘතිය යටතේ මීට පෙර මූල්‍ය ආධාර ලබාගෙන සිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබල එච්.එස්. රත්නායක වෙත එම අධාර ව්‍යපෘතියේ අවසාන වාරිකය වන රුපියල් 500,000.00 ක මුදල ප්‍රදානය කරන ලදී.

ඉන්පසුව, රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ වකුගඩු රෝගයෙන් පෙළෙන සිවිල් සේවක මහතුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල ලඟම ඥාතීන් හට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා, 1,184,464.80 ක මුළු පිරිවැයකින් දරමින් රු. 74,029.05 ක් වටිනා KENT GRAND සන්නාමය සහිත ජල පිරිපහදු ඒකක 16 ක් බෙදා දෙන ලදී.

වැඩසටහන අවසානයේදී, තේ පැන් සංග්‍රහයක් පවත්වා සහ සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටිනු ලැබීය. මෙම අවස්ථාවට රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.