23rd January 2026 11:12:26 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2026 ජනවාරි මස 20 වන දින රාගම, රණවිරු සෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිල සංචාරයක නිරත වූහ.
එහිදී, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙත පළතුරු කූඩ බෙදා දෙන ලද අතර, තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී. එමෙන්ම, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල්ද ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිලංගනී සමරදිවාකර මහත්මිය, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල් සමරදිවාකර RWP RSP ndc psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.