Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd January 2026 11:09:31 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනියන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් උපහාර දැක්වීමේ උත්සවයක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනියන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත උපහාර දැක්වීමේ උත්සවයක් 2026 ජනවාරි මස 17 වන දින ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්න භෝජනාගාරයේදී පැවැත්විය.

එහිදී, හිටපු සභාපතිනියන් වන ඉන්ද්‍රානි චන්ද්‍රවංශ, සුජීවා නෙල්සන්, රොසෙටා නුගේරා, අනුජා ද සිල්වා, සුභාෂිණී රාජපක්‍ෂ සහ නිමාලි රණතුංග යන මහත්මීන් වෙත උපහාර දක්වන ලදී.

එමෙන්ම, උත්සවය අතරතුරදී හිටපු සභාපතිනියන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

උත්සවයට අලංකාරවත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් සංගීත සහ නර්තන අංගයන් ඉදිරිපත් කරන ලද අතර, පසුව තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මිය, යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.