22nd January 2026 09:10:16 Hours
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2026 ජනවාරි මස 15 වන දින මුල්ලේරියාව, ජාතික සෞඛ්‍ය මානසික විද්‍යායතනයේ 05 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමේ නිල සංචාරයක නිරත වූහ.
එම සංචාරයේදී, එම බලකා සේවා වනිතා සාමාජිකාවන් විසින් එම රෝගීන් සඳහා දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහයක් ලබා දුන් අතර, ඔවුන්ගේ මානසික රසාස්වාදනය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් විනෝදාත්මක සංගීත වැඩසටහනක් ද පවත්වන ලදී. එහිදී, සෑම රෝගියෙකු වෙතම එම බලකා සේවා වනිතා ශාඛාවෙන් ත්‍යාග පාර්සලයක් පිරිනමන ලදී.
තවද, එම වාට්ටුව වෙත රු. 10,000.00 ක් වටිනා පොත් අල්මාරියක් ද පරිත්‍යාග කරන ලදී.