Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th January 2026 15:38:32 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් සුභසාධන වැඩසටහනක්

මෑත කාලීනව සිදුවූ ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු සාමාජිකයින් සඳහා සහාය වීමට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2025 දෙසැම්බර් 19 සහ 23 යන දිනයන්හිදී ආපදාවට ලක්වූ එම සාමාජිකයන්ගේ නිවාස වෙත ගොස් ඔවුන්ගේ සුභසාධන කටයුතු සොයා බලන ලදී..

මෙම වැඩසටහන යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP ගේ මඟපෙන්වීම යටතේ සහ කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සමින්දි වික්‍රමරත්න මහත්මියගේ උපදෙස් යටතේ සිදු කරන ලදී..