Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th January 2026 15:45:56 Hours

යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 09 වන දින එම රෙජිමේන්තු දේශන ශාලාවේදී පනාගොඩ, යුද්ධ හමුදා මූලික රෝහල වෙත අවශ්‍ය රුපියල් 800,000.00 ක වටිනාකමකින් යුත් පාරජම්බුල කිරණ විෂබීජහරණ උපකරණ, සිවිලිමේ සවිකල හැකි පාරජම්බුල කිරණ විෂබීජහරණ උපකරණයක් සහ මුහුණු ආවරණ ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමනී ද සිල්වා මහත්මිය, එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බලකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.