Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th January 2026 15:47:54 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවෙන් නව නිෂ්පාදන ව්‍යපෘතියක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 14 වන දින අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ‘රික්ෂෝ හෙයා ඔයිල්’ නිෂ්පාදනය ව්‍යපෘතිය ආරම්භ කරන ලදී.

රසායනික හා කෘතිම ද්‍රව්‍ය වලින් තොරව 100% ක්ම පිරිසිදු ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් සාම්ප්‍රදායික ඖෂධීය ගුණය ආරක්‍ෂා වන පරිදි මෙම නිෂ්පාදනය සිදු කරයි.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO, එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිර්මලීන් විජේකෝන් මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.