19th January 2026 15:50:04 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී යමුනා අබේකෝන් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ රටේ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් එම රෙජිමේන්තුවේ රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් සඳහා කාගිල්ස් වවුචර් පත් බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 17 වන දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම වැඩසටහන සඳහා යමුනා අබේකෝන් මහත්මිය, එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.
වැඩසටහන අතරතුරදී, රණවිරුවන් සහ සිවිල් සේවක මහතුන් 22 දෙනෙකු අතර රුපියල් 7,500.00 බැගින් වටිනා කාගිල්ස් වවුචර පත් බෙදා දෙන ලදී.