Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th January 2026 15:51:51 Hours

යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයෙහි නිල සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරන්ති දිල්රුක්‍ෂි පෙරේරා මහත්මිය, 1 වන බලකායේ බලකාධිපති හා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එක්ව 2026 ජනවාරි මස 17 වන දින අත්තිඩිය මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් බැලීම සඳහා නිල සංචාරයක නිරත විය.

එම සුවතා නිකේතනය වෙත පැමිණි පිරිස නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් විසින් පිළිගන්නා ලදී.

එම සංචාරයේදී, යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව විසින් සුවතා නිකේතනයේ භාවිතය සඳහා පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව ලබාදුන් ජල තාපක දෙකක්, මේස ලාම්පු 32 ක්, අයිස් පැක් 10 ක් සහ ටී-ෂර්ට් පරිත්‍යාග කරන ලදී.

එමෙන්ම, රණවිරුවන් සඳහා දිවා ආහාරය ලබාදුන් අතර, වෛද්‍ය බලකා අධිරිද්ම සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදනයද ලබාදෙන ලදී.