16th January 2026 10:41:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ආරම්භ කරනු ලැබූ ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ සුභසාධන වැඩසටහනේ දෙවන අදියර 2026 ජනවාරි මස 09 වන දින එම රෙජිමේන්තු දේශන ශාලාවේදී පවත්වන ලදී.
එහිදී, එම බලකායේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත රුපියල් මිලියනයක් පමණ වටිනා ඇස් කණ්ණාඩි යුගල 100 ක් බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමනී ද සිල්වා මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.