16th January 2026 10:38:35 Hours
රටේ ජනතාවගේ සුභසාධනය සඳහා සහයෝගය ලබා දෙමින්, යුද්ධ හමුදා භටපිරිස් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රසිකා පෙරේරා මහත්මිගේ සම්බන්ධීකරණය යටතේ ආරම්භ කරනු ලැබූ වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලදී.
ඒ අනුව, ප්‍රතිසංස්කරණය කරන ලද එම ගොඩනැගිල්ල 2026 ජනවාරි මස 12 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය විසින් රෝහල් බලධාරීන් වෙත භාරදෙන ලදී.
ඉන් අනතුරුව, එතුමිය වාට්ටු අංක 06 හි නිරීක්‍ෂණ චාරිකාවක් සිදු කරන ලදී. පසුව, ජංගම පාරජම්බුල කිරණ විෂබීජ නාශක ඒකක (විශාල ප්‍රමාණයේ) 02 ක්ද, ජංගම පාරජම්බුල කිරණ විෂබීජ නාශක ඒකක (කුඩා ප්‍රමාණයේ) 02 ක්, සිවිලිමේ සවිකළ හැකි පාරජම්බුල කිරණ විෂබීජ නාශක ඒකක 05 ක්, වාතාශ්‍රය ගමන් නොකරන ආරක්‍ෂිත මුහුණු ආවරණ 50 ක්, සුදු ඇඳ ඇතිරිලි 47 ක්, සුදු කොට්ටා උර 47 ක් සහ කොට්ට 47ක පරිත්‍යාග කරන ලදී. ඊට අමතරව, එම රෝහලේ ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 2.3 කට අධික මුදලක් දානපතියන් විසින් පරිත්‍යාග කරන ලදී.
එහිදී, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සිදුකරන ලද සේවාවන් ඇගයීමට ලක්කරමින් ඇගයීම් ලිපි ප්‍රදානය කරන ලදී.