Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th January 2026 21:25:33 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සඳහා සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව මගින් පරිත්‍යාග වැඩසටහනක් 2026 ජනවාරි මස 04 වන දින කාලතුවක්කු හමුදා පාසලේදී සංවිධානය කරන ලදී. එම වැඩසටහන යටතේ කාලතුවක්කු හමුදා පාසලේ සේවය කරන සිවිල් සේවක මහතුන් වෙතද වියළි ආහාර සලාක පාර්සල් 46 ක් බෙදා දෙන ලදී.

එමෙන්ම, මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ සිසුන් වෙත ද ලිපි ද්‍රව්‍ය සහිත පාසල් බෑග් 120 ක් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 72 ක් ද පරිත්‍යාග කරන ලදී. තවද, එම සේවා වනිතා ශාඛාව විසින් කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලක් සඳහා වියළි ආහාර සලාක පාර්සල්, ලිපි ද්‍රව්‍ය සහිත පාසල් බෑග්, ඇඳ ඇතිරිලි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ද ලබා දෙන ලදී.