Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th January 2026 21:27:24 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි රාජකාරියෙහි නියුතු සෙසුනිලයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා පාසල් පොත් සහ උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 15 දින සිට 2026 ජනවාරි මස 01 දින දක්වා පවත්වන ලද අතර, එමඟින් ළමුන් 2,500 කට අධික පිරිසකට ප්‍රතිලාභ සැලසුණි.

පාසල් පොත් සහ උපකරණ බෙදා හැරීමට අමතරව, වැඩසටහන් අතරතුරදී සිවිල් කාර්ය මණ්ඩලය වෙත ආහාර සලාක පාර්සල් ද ලබා දෙන ලදී.