Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th January 2026 13:45:28 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියගේ මඟපෙන්වීම යටතේ විශ්‍රාමික සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 229 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 09 වන දින 58 වන පාබල සේනාංකයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc සහභාගී වූ අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.