12th January 2026 16:17:44 Hours
යුද්ධ හමුදා විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස වින්ධ්‍යා වෙලෙනාවැව මහත්මිය 2025 දෙසැම්බර් මස 15 වන සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. එම අවස්ථාවට සමගාමීව, එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ සාමාජිකාවන් විසින් රටතුල මෑත කාලීනව ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වූ පිරිස් සඳහා සුභසාධන පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. තවද, විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනියගේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින්, එම බලකායේ භටපිරිස් විසි දෙනෙකුට සහ සිවිල් සේවක මහතුන් දෙදෙනෙකු වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙන ලදී.