09th January 2026 14:51:56 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 04 වන දින පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම බලකායේ රාජකාරියෙහි නියුතු සාමාජිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
යුද සේවා ලේකම් සහ පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉරෝෂිනී ප්‍රනාන්දු මහත්මිය ද සහභාගී විය.
උත්සවය අතරතුර, රුපියල් මිලියන 2 ක් පමණ වටිනා පාසල් උපකරණ පාර්සල් 200 ක් අතුරින් එම බලකා සාමාජිකයන්ගේ සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ළමුන් වෙත පාසල් උපකරණ පාර්සල් 37 ක් සංකේතාත්මකව බෙදා දෙනු ලැබීය.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් කාර්ය මණ්ඩලය සහ ළමුන් සහභාගී වූහ.