09th January 2026 14:53:19 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිල්රුක්‍ෂි මැදගොඩ මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2026 ජනවාරි මස 04 වන දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා නිලධාරි නිවස්නයේදී ඉටිපන්දම් නිශ්පාදනය පිළිබඳ ස්වයං රැකියා වැඩමුළුවක් පවත්වන ලදී.
මෙම වැඩමුළුව තුෂාරි රත්නවීර මහත්මිය විසින් මෙහෙයවන ලද අතර, එමගින් සහභාගිවන්නන්ට දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් සහ ස්වයං රැකියා ආරම්භ කරමින් ඒවා ප්‍රවර්ධනය කර දිරිමත් කිරීමටත් දායකත්වයක් ලබාදෙන ලදී.
මෙම වැඩමුළුව සඳහා එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.