Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th January 2026 14:55:20 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව නත්තල් සැමරුම් උත්සවයක් පවත්වයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුමංගලී පතිරවිතාන මහත්මියගේ මඟ පෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2025 දෙසැම්බර් මස 23 වන දින රොක් හවුස් කඳවුරේදී නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදී.

නත්තල් කැරොල් ගීත, විනෝද ක්‍රීඩා සහ සංගීත රසාස්වාදනය ආදී විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක් මෙම වැඩසටහනේ පැවති අතර, එහිදී දරුවන් වෙත නත්තල් ත්‍යාග ද බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.