Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th January 2026 14:58:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායෙන් වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සභාපතිනී ඉරන්ති දිල්රුක්‍ෂි පෙරේරා මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම බලකා සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 07 වන දින පනාගොඩ, යුද්ධ හමුදා මූලික රෝහලේ දී වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

පනාගොඩ, යුද්ධ හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරී බ්‍රෙවට් කර්නල් ආර්.ඒ.ඒ.ඩබ්ලිව්. විජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එහිදී සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 34 දෙනෙකු වෙත වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.