09th January 2026 15:04:39 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ප්‍රදේශයේ යුද්ධ හමුදා සේවා බලකායේ සාමාජිකයන් වෙත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 03 වන දින පල්ලෙකැලේ, යුද්ධ හමුදා සේවා බලකා 810 සංයුක්ත බලඝණයේදී පවත්වන ලදී.
යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc මඟපෙන්වීම යටතේ, එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අජන්තා ද සිල්වා මහත්මියගේ අධීක්‍ෂණය යටතේ මෙම පරිත්‍යාග වැඩසටහන සිදුකරන ලදී.
එහිදී, වියළි ආහාර සලාක, පානීය ජල බෝතල් සහ ළදරු සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රතිලාභීන් අතර බෙදා දෙන ලදී.
වියළි සලාක බෙදාදීමේ වැඩසටහනට සමගාමීව, ආපදාවෙන් පීඩාවට පත් එම බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා චන්දිමා උඩරටගේ මහත්මියගේ සුවදුක්ද විමසා බලන ලදී.
මෙම අවස්ථාවට එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.