09th January 2026 15:08:17 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දර්ශනී යහම්පත් මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව විසින් 2026 ජනවාරි මස 06 වන දින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අබලියද්ද විහාරස්ථානයේදී පවත්වන ලදී.
එහිදී, අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පවුල් 155 කට අයත් සිවිල් වැසියන් 550 පමණ පිරිසක් වෙත ඇඳුම් පැළඳුම් සහ පානීය ජලය බෙදා දීම සිදුකරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එච්.බී.ටී ප්‍රියංකරගේ සම්බන්ධීකරණය මත සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් සහභාගී වූහ.